මේ තරම් ආතල්ද සයිටම්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා සයිටම් එකේ
ලොක්කෙකු සොයා...
හිතන්නටවත් බැරි නිසා
මම ගියා සයිටම් එකේ
ලොක්කෙකු සොයා...
ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ
ඇඳක් යට පැදුරක් එලා
හොටු හූරමින් බලයි ඔහු
ආණ්ඩුවේ දොස්තර දිහා...
ඇඳක් යට පැදුරක් එලා
හොටු හූරමින් බලයි ඔහු
ආණ්ඩුවේ දොස්තර දිහා...
සයිටමේ රෝහලට නුඹ
නොගියේ ඇයිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...
නොගියේ ඇයිදැයි කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
මං පණට ආදරෙයි කියා...
No comments:
Post a Comment