Saturday, June 10, 2017

කන්නන්ගර කන කන්නන්ගර දරුවෝ



අපි බොහෝදෙනෙකු නිදහස් අධ්‍යාපනයෙහි දරුවෝ වම්හ. මෙය වෛද්‍යවරුනට පමණක් පොදු කරුණක් නොවේ. ඉංජිනේරුවන්, නීතිවේදින්, පරිපාලන සේවයේ නියුතු වූවන්, ගුරුවරුන් වැනි අනෙක් බොහෝ වෘත්තීන් සම්බන්ධයෙන් මෙය පොදු කරුණෙකි.

 එහෙත් අප බොහෝ දෙනෙකු අද හැසිරෙන්නේ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබුවන්ගේ මානසිකත්වයේ ය. මෙයට හේතු කිහිපයක් තිබිය හැක. තම මව්පියන්ට මුදල් පහේ නොතිබුන නිසා එවකට නිදහස් අධ්‍යාපනය අදාල දෙයක් වුව ද අද තමනට තම දුවා දරුවනගේ අධ්‍යාපනය සදහා වියහියදම් කළ හැකි නිසා නිදහස් අධ්‍යාපනය අදට අදාළ නැතැයි මොවුන් සිතනු ඇත. 

එසේත් නැත්නම් තමන් නිදහස් අධ්‍යාපනයේ ඵලයයන් ය යන්න මොවුනට දැනට අමතකව ඇත. තවමත් අධ්‍යාපනය සදහා විශේෂයෙන් පශ්චාත් ද්විතීය අධ්‍යාපනය සදහා තම දුවා දරුවන්ගේ අධ්‍යාපනය සදහා වියදම් කළ නොහැකි පිරිසක් සමාජයේ සිටින බව මේ අය දැන සිටියද ඔවුනට අධ්‍යාපනය සහතික කිරීම තමන්ගේ ද සමාජ වගකීමක් ය යන්න මේ අය පිලිනොගන්නවා ඇත.

 එනම් තමා එදා දමාගෙන ගිය ඉරුණු සපත්තු දමන තවත් සමාජ කොටසක් අදද සිටියද එම කොටසෙන් තම දුවා දරුවනට තරග කරුවන් මතුවෙතැයී ද එයට ඉඩක් නොදිය යුතු යැ යිද මොවුන් සිතනු ඇත. තවත් යමෙකු සිතනු ඇත්තේ මෙය ලෝක ප්‍රවණතාවයක් ය එ නිසා මෙයට එරෙහිව කාලය කා දමන්නේ කුමකටද කියා වන්නට ඇත. 

_________ මහාචාර්ය සුමනසිරි ලියනගේ________________

No comments:

Post a Comment